බස්නාහිර පළාතේ ඩෙංගු මැඩලන්න අද සිට විශේෂ වැඩසටහනක්

Share

ඩෙංගු රෝගය බහුලව ව්‍යාප්ත වන බස්නාහිර පළාත ආවරණය කරමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද ආරම්භ කෙරේ.

 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, අද සිට සතියක කාලයක් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් හමු වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000 කට අධිකයි.

ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් ඇති බව ද වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ ය.

Read more

Local News