පක්ෂයත් පෙරමුණත් අපි රැක ගන්නවා – සජිත්

Share

තනතුරු හා වරප්‍රසාද බලාපොරොත්තුවෙන් තොරව ජනතා ප්‍රසාදය දිනා ගැනීම වෙනුවෙන් ඉදිරි මහමැතිවරණයේදී කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

ඔහු මේ බව කියා සිටියේ ඊයේ(17) මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

“මැතිවරණයේදී අපි පසු බෑමකට ලක්වුවත්. පොදු ජනතාවත් ඒකරාෂි කර ගෙන එළඹෙන මහ මැතිවරණයේදී අපි ජයගන්නට කටයුතු කරන බව මම මේ අවස්ථාවේදී කියන්ට කැමති.

මේ මැතිවරණ ව්‍යාපාරයේදී කැපකිරීම් කරපු අපේ ආදරනීය ජනතාව කිසිම දවසක අමතක කරන්නේ නෑ. පක්ෂයත් පෙරමුණත් අපි රැක ගන්නවා කියන එක මම මේ අවස්ථාවේදී කියන්නට කැමති.

එළඹෙන මහ මැතිවරණයේදී පුළුල් සන්ධානයක් ගොඩනගලා. සියලුම පක්ෂවලට ආරාධනා කරලා. ජයගැනීම වෙනුවෙන් එයට නායකත්වය ලබා දෙන්නට අපි ලෑස්ති.

මොනම හේතුවකටවත් තනතුර පදනම් කර ගත් දේශපාලනයකට අපි අවතීරණ වන්නේ නෑ. මේ තන‍තුරු බොහොම තාවකාලිකයි.“

Read more

Local News