පාර්ලිමේන්තුව සැබෑ විපක්ෂයේ කාර්යභාරය සිදුකළ හැක්කේ ජාතික ජනබල වේගයට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.
අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා මෙසේ පැවසීය.
“රනිල් ගියා කියලා මේ එක්සත් ජාතික පක්ෂය තිරහන් කරන්න බෑ. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා සජිත් පරදිනවා කියලා ඒය කලින්ම කිව්වා කියලා.
තමන්ගේ අපේක්ෂකයා කලින් පැරදිනවා කියලා දන්නවා නම් අපරාදේ රටේ සල්ලි වියදම් කරලා ඡන්දය තිබ්බේ. දිනන අපේක්ෂකයාට ජනාධිපතිකම දීලා නිකන් ඉන්න තිබ්බානේ.
කලින්ම පරිදනවා කියලා දැනගෙන දැන් මොකක්ද කරන්නේ බලය සඳහා අරගලයක් කරනවා. ඒ නිසා අපි කියන්නේ රටේ ජනතාවට මේ එක්සත් ජාතික පක්ෂයට කවුරු ආයත් තිරහන් වෙන්නේ නෑ“



