දෙමටගොඩ චමින්දගේ ඥාතියෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

Share

බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ ඥාතියෙකු හෙරොයින් සමඟ සීදුව, බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරු විසින් දෙමටගොඩ සිට සීදුව ප්‍රදේශයට ත්‍රී රෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 8400 ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා සීදුව පොලිසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Read more

Local News