දෙමළ ජනාතාවට සැබෑ ලෙසම සිය ගැටළු වලට විසඳමු ලබා ගැනීමට අවශ්‍ය නම් විග්නේෂ්වර්න් වැනි ජාතිවාදී අදහස් දරණ පුද්ගලයන් තෝරා පත්කර ගැනීමෙන් වැළකිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙසේ පැවසීය.
“විග්නේෂ්වර්න් මැතිතුමාලා ඒ වගේම TNA එකේ සියලු දෙනා පසුගිය අවුරදු හතර හමාර තුළම කෙරුවේ දෙමළ ජනතාව ගොනාට අන්දපු එක.
පසුගිය දිනවල ගංඟවතුර තත්ත්වය ගැන බලන්න නැගෙනහිරට ගියපු වෙලේ අවුරුදු හතර හමාරේම ඒ මිනිස්සුන්ට කිසිම දෙයක් කරලා නෑ. මැතිවරණයට පස්සේ පැත්ත පළාතේ ගිහිල්ලා නෑ. හැබැයි ඡනද් ගොඩ වැඩි කිරීම සඳහා ජාතිවාදී ප්‍රකාශ කරනවා. ජාතිවායෙන් ගොඩ යන්න බලන්නේ.
දෙමළ ජනතාව කල්පනා කාරී විය යුතුයි. මේ වතාවේ ඒ අයගේ ඡන්දව නැතුව අපි ජයගත්තා. ඒ නිසා ඉදිරිමැතිවරණයේදීත් අපි පැහැලිදිවම ජය ගන්නවා. ඉදිරි මැතිවරණයෙන් පස්සේ දෙමළ ජනතාවට සේවයක් විය යුතුයි නම් ඒ අය අපේ පැත්තේ හිට ගන්න ඕනේ.
ඒ අය නිදහස් කරලා පෙන්නුවේ අපි ඒ අයගේ පළාත් සංවර්ධනය කරලා පෙන්නුවේ අපි. අදටත් ගිහිල් බඩු ටිකන් බෙදනවානම් ඒක කරන්නෙත් අපි. දෙපාර්ක් හිතන්න අවශ්‍යයි මේ දෙමළ ජනතාව. වැඩ කරන්නේ නැති නායකයින් පත් කරගෙන වලපල්ලට යන්නේ නැතුව“



