නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තව දුරටත් පවතී නම් නයායෑම්, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළිමේ, පස් කණ්ඩි කඩා වැටීමේ හා පොළොව ගිලා බැසීමේ අවධානමක් පවතින බව ද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.
මේ අතර, තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් ගොඩබිම් ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඊශාන දිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, දිවයින පුරා, විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
නැගෙනහිර හා ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100-150 පමණ තද වැසි ඇති වෙයි.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75-100 පමණ තද වැසි ඇති වෙයි.



