අධ්‍යාපන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Share

පළමු ශ්‍රේණියට හා විවිධ ශ්‍රේණි සඳහා පාසල් වලට සිසුන් ඇතුළත් කරදෙන බව පවසමින් මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ දැනුම්දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර් .එම් .එම් රත්නායක මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ  ජාතික පාසල් ශාඛාවට හෝ 1988 දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බවයි.

නැතහොත් ළගම ඇති පොලිස් ස්ථානයට හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි කළ හැකි බව  ආර්.එම්.එම් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News