විදුලි සැර වැදි අලියෙකු මිය යයි

Share

මනම්පිටිය, දෙමළ ගම්මානයේ වි මොලක් අසල විදුලි සැර වැදි මියගිය වන අලියෙකුගේ සිරුරක් අද(18) උදෑසන සොයා ගත් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

 

විදුලි සැර වැදි මියගිය අලියාගේ වයස අවුරුදු 35ක් පමණ වන බවත් උස අඩි 09ක් බවද මේ පිළිඳව පරික්ෂණ සිදු කරන පොළොන්නරුව අඩවි ආරක්ෂක පී.ඩී.එස්. ශාන්ත මහතා සඳහන් කළේය.

රාත‍්‍රිකාලයේදි දැඩිව වන අලින්ගෙන් පිඩා විදින ප‍්‍රදේශයක් බවත් තම දේපල හා ජීවිත බේරා ගැණීමට මෙලෙස විදුලි රැහැන් ඇටවු බවට ප‍්‍රකාශ කෙරු වී මෝල් හිමිකරුද අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අඩවි ආරක්ෂකවරයා පැවසීය.

අවුරුදු 44 වයසැති අදාළ වී මෝල් හිමිකරු පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

විදුලිසැර වැදි මියගිය අලියාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අද වෙනිදා සවස කිරීමට නියමිත බවත් පොළොන්නරුව අඩවි ආරක්ෂක පී.ඞී.එස්. ශාන්ත මහතාගේ උපදෙස් පරිදි අඩවි ආරක්ෂකවරුන් ඇතුළු වනජිවි නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරයි.

Read more

Local News