එක්සත් ජනපදයේ එකම නියෝජිතයා සජිත්ද රනිල්ද ?

Share

මෙරට දේශපාලන බලය හැසිරවීම අධිරාජ්‍යවාදීන් සියතට ගෙන ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

 

කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් එහි දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“එක්සත් ජනපදය ලෝකයේ උඟුල් අටවපු රටවල් වලට ඒ හැම රටකම කරේ රටවල් ඇතුළට මැදිහත් වීමට අවශ්‍ය අස්ථාවර භාවය නිර්මාණය කරා.

ඒ අස්ථාවර භාවය පසුගිය අවුරුදු 10, 15 තුළ ලංකාව හැදුනේ කොහොමද? රාජපක්ෂ පාලය කාලයේ සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරා එක පැත්තකින්. වික්‍රමසිංහ පාලන කාලයේ නුවර දිගන ගිනි තියන්න දීලා. ඒකට ඉඩ තියන්න දීලා බලන් හිටියා.

අරගොල්ලෝ වෙඩි තිබ්බා මෙයාලා වෙඩි තියන්න ඉඩ දීලා බලන් හිටියා.

ත්‍රස්තවාදී කණ්ඩායමක් එල්ල කළ ඒ ප්‍රහාරය විසින් ඒ ගැටුම තවත් තීව්‍ර කළ බවත් ඒ ගැටුම පාවිච්චි කර ඡන්ද කැම්පේන් එක අරන් ගියා.“

ලංකාවට මේ උරුම වී ඇති ඉරණමට අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසිය කුමක් ද යනුවෙන් ප්‍රශ්න කර සිටි ඒ මහතා, පාස්කු ප්‍රහාරය එක්සත් ජනපදයේ සැලසුමක් විය හැකි බවත් එසේ නොමැති නම් එය යොදා ගැනීමේ සැලසුමක් යොදා ගෙන ඇතැයි ද පැවසීය.

එක්සත් ජනපදයේ එකම නියෝජිතයා සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ යැයි පැවසිය නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News