පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන අතුරු වාර්තාව අද ජනපතිට

Share

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිත වේ.

 

කොමිසමේ ලේකම් එච්.එම්.බී.පී හේරත් මහතා සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම වාර්තාව භාර දෙන බවයි.

ඒ සඳහා කොමිසමේ සියලු නිලධාරීන් සහභාගී වෙති.

අප්‍රේල් 21 ක ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇතැයි කොමිසමේ ලේකම් එච්. එම්.බි.පී හේරත් මහතා සඳහන් කළේ ය.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කොමිසම සඳහා මහජන පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණි.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සැප්තැම්බර් මස 22 වැනි දා පත් කරන ලදී.

Read more

Local News