ජනපති නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ඊයේ (18) ප.ව 7.30ට පමණ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

 

ලබාදී ඇති බදු සහන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල කෙරෙහි බලපා ඇති ආකාරය මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු කෙරිණ.

එම ස්ථානයේ සිටම මුදල් අමාත්‍යාංශයේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දුරකථනයෙන් සම්බන්ධකරගත් ජනාධිපතිතුමා බදු සහනවල ප්‍රතිලාභ නිසි ලෙස ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට ලැබෙන්නේ ද යන්න පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම්දුන්නේ ය.

Read more

Local News