වංචනික වෙළඳුන්ට නීතිය දැඩි වෙයි

Share

සහල්, ළූණු ඇතුළු භාණ්ඩවල මිල වංචනික ලෙස ඉහළ දමන වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබා දී ඇත.

 

ඒ භාණ්ඩවල මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ නාරාහේන්පිට විශේෂ අර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වු අවස්තාවේදීයි.

සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස පාලන මිලක් නියම කිරීමට පාරිහෝගික කටයුතු අධිකාරිය ඉකුත් 10 වැනිදා කටයුතු කළේය.

එහෙත් පාරිහෝගිකයන් මැසිවිලි නගන්නේ පාලන මිලක් නියමකර තිබූනද වෙළෙඳසල්වලින් එම මිලට සහල්
ලබාගත නොහැකි බවයි.

පාලන මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරනය කර තිබුණේ ප්‍රධාන සැපයුම්කරුවන් සමග සාකච්ජා කර ,රට තුළ පවත්නා තොග තත්ත්වයද සහතික කර ගැනීමෙන් අනතුරුවයි.

එම අවස්ථාව වනවිට ප්‍රධාන වී මෝල් හිමියන් මෙන්ම සිල්ලර බෙදාහැරීම් ජාලය තුළද එම මිලට සහල් විකුණන බවට සහතික වි තිබුණි.

තත්ත්ය එසේ තිබියදී වැඩි මිලට සහල් විකිණීම පිළිබඳ සොයා බැලිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ නාරාහේන්පිට විශේෂ අර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වුණි.

ලබාදී  ඇති බදු සහන අත්‍යාවශ්‍ය පාරිහෝගික භාණ්ඩ මිල කෙරෙහි බලපා ඇති ආකාරය මෙහිදී ජනාධිපතිවරයාගේ  විශේෂ අවධානයට ලක්ව ඇත.

එම ස්ථානයේ සිටම මුදල් අමාත්‍යාංශයේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දුරකථනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිවරයා බදු සහනවල ප්‍රතිලාභ නිසි ලෙස ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට ලැබෙන්නේ ද යන්න පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම් දි ඇත.

ඒ මෙන්ම සහල් සඟවා තබාගෙන කෘතිම ලෙස මිල ඉහළ දමන වෙළෙඳුන්ට එරහිව නිතීය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා එහිදි පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබුණි.

ළූණු ඇතුළු අනෙකුත් භාණ්ඩ වංචනිකව ඉහළ දමා අලවි කරන වෙළෙදුන්ට එරහිව ද නිතීය දැඩිව ක්‍රියාත්මක කර ලෙසද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර වෙලෙඳ පොළෙහි පවතින අනයනික භාණ්ඩ පිළිබද වරතාවක් කඩිණමින් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කර්යාලය අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අනයන කරුවන්ගේ සංගමයට උපදෙස් ලබාදි ඇත.

Read more

Local News