හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අද(19) සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නිතී විරෝධී බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පැවසීය.
මේ අතර චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ පර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී සිදුකළ යුතු ක්‍රියාමාර්ග අනුගමන නොකරමින් බව ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමට අදාළ සිදුවීමේ නඩු කටයුතු අවසන් කර තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ දේශපාලන පලිගැනීමකට බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.



