අගමැති ගමන් ගත් ගුවන් යානය හදිසියේ බලන්ගොඩට ගොඩබස්වයි

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය අද(19) උදෑසන හදිසියේ ගොඩබස්සා තිබේ.

 

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයකට සහභාගි වීම සඳහා යමින් සිටිය දී එම ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස ගුවන් යානය ගොඩ බස්වා ඇත.

බලන්ගොඩ නගර සභා ක්‍රිඩාංගනයට ගුවන් යානය ගොඩබැස්වීමට ඒ අනුව කටයුතු කර තිබේ.

එම අවස්ථාවේ දී එතුමා පිළිගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායක අකිල සාලිය එල්ලාවල  මහතා ඇතුළු බලංගොඩ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්  එක්ව සිටියහ.

පසුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලන්ගොඩ ආසනයේ සංවිධායක අකිල එල්ලාවල මහතාගේ නිවසට පැමිණි අතර එහිදි  එතුමන් සමඟ කෙටි පිළිසදරක යෙදිමෙන් අනතුරැව එතුමාගේ නිල රථයෙන් බණ්ඩාරවෙල දක්වා පිටත්ව ගොස් ඇතැයි ද අප වාර්තාකරු පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා පැමිණි බව සැළවු වහාම එතුමා දැක බලා ගැනිමට විශාල පිරිසක් පක්ෂ භේදයකින් තොරව ගුවන් යානය ගොඩ බැස්සවු ස්ථානයට පැමිණ තිබේ.

Read more

Local News