වැරදුන ආර්ථික උපායමාර්ග නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඉතිහාසය බලකර කියා සිටින බවත් කර්මාන්ත හා ව්‍යවසායකයින් ආරක්ෂා කිරිමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ බැදි සිටින බව කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැලසුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසිය
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලැබු ‘‘දකුණු පළාත් විශිෂ්ඨතම ව්‍යවසාය සම්මාන උළෙල 2019’’ ට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
එහිදි අදහස් පලකල ඒ මහතා ,
‘‘පසුගිය වසර හතරහාමාරට මේ රටේ ව්‍යවසායකයින් සමහරක් තවදුරටත් ණය ගන්න බැරිව ගොදුරක් බවට පත්වුනා . තමන්ගේ දේපළ වෙන්දේසි කරන්න බැංකු වලින් පියවර අරගෙන තිබුනා . ඒ නිසා බොහෝ දෙනෙක් නොවැම්බර් 16 මේ රට ගන්න තිරණය දිහා බලන් හිටියේ. ඒ තීරණය වැරදුනොත් මේ රට ඇතැරලා වෙන කොහේටහරි යනවා කියලා හිතාගෙන . ඒ ගෙවිච්ච කාලය තුල මේ රටේ ආර්ථිකය තිරණය වුණේ දේශිය ව්‍යවසායකයා හෝ කර්මාන්තකරුවා ආරක්ෂා කිරිම ප‍්‍රවර්ධනය කිරිම පදනම් කරගෙන නෙමෙයි.
අපේ ව්‍යවසායකයින්ට තිබුණ ඉඩ විදේශිය ව්‍යවසායකයින්ට වෙන්කරදිම තමයි ගෙවුණු වසර හතරහාමාරට අප ඉදිරියේ රඟ දැකුවුණේ . එපමණක් නෙමෙයි අපේ කර්මාන්ත බිද වැටෙනවා වගේම වෙනත් රටවල් නිෂ්පාදනය කරපු නිෂ්පාදන අපේ වෙළඳපොළ ආක‍්‍රමණය කිරිම වේගවත්ව සිදුවුනා.
දැන් බලන්න ලෝකයේ පැරණිතම රෝහල සොයාගත්තේ අනුරාධපුරයේ මිහින්තලා රෝහල, ලෝකයේ වෛද්‍යවරයෙක් පාවිච්චි කල ශල්‍ය උපකරණ සොයාගත්තේ ඒ රෝහල් පරිශ‍්‍රයෙන්. ඒ ශල්‍ය උපකරණ අතර තිබුණා නුතන ශල්‍ය වෛද්‍යවරයා පාවිච්චි කරන යට ඇන්ද කොට, උඩ තලය දිග කතුරක්, එසේනම් ලෝකයේ පැරණිතම ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලය හදපු මිනිහා ජිවත් වෙච්ච මේ පොළව ඉතා වටිනවා. මෙය සම්පත් වලින් ග‍්‍රහන පොළවක්.
ඔබ දන්නවා ලංකාව කියන්නේ හැමඅතින්ම වැදගත්කමින්යුත් රටක් . ඇමරිකාව මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අපේ රටට ගෙන එන්නේ මේ රටේ ඉඩම් සුවිශේෂි වැදගත්කමක් තිබුණ නිසයි . අපේ රට ඉන්දියන් සාගරයේ වැදගත් තැනකයි පිහිටලා තියෙන්නේ . ඒ වගේම රට වගේ විසිහත් ගුණයක් යුත් මුහුදු පතුලකට අපි හිමිකම් කියන නිසා ඒ මුහුදු පතුලේ අපි නොදන්න සම්පත් විශාල ප‍්‍රමාණයක් තියෙනවා . මේ පොළව ගත්තම කුරුදු තේ රබර් අන්නාසි වගේ ඕන භෝගයක් වගා කරන්න පළුවන් . එහෙනම් අපිට වැර දුන ආර්ථික උපායමාර්ගයේ වැරදුන තැන හදාගෙන නිවැරදිවිම තමයි ඉතිහාසයෙන් අපිට බලකරලා කියා සිටින්නේ . මේ රටේ ජනතාව ගෝඨාභය මහත්තයා රාජ්‍ය නායකයා බවට පත් කළේ ඒ උපායමාර්ග මේ රටේ ආර්ථිකයට එකතු කරන්න . ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අපි බැදි සිටිනවා කර්මාන්ත හා ව්‍යවසායකයින් ආරක්ෂා කරන්න ’’ යැයි විරවංශ මහතා තවදුරටත් පැවසිය.



