ඉකුත් ජනාධිපතිවරණයේදී තම පක්ෂයේම පිරිස් තමාව පරාජයකිරීම සඳහා කටයුතු කළ බවත්, පක්ෂ නායකත්වය නොමැතිව අගමැති අපේක්ෂකත්වය භාරනොගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ මතුගම පැවති ජනහමුවකදීයි.
පසුගිය ජනාධිපතිවරණයේදී තමාට සහාය පළ කළ පාක්ෂිකයින්ට සිය ස්තූතිය පළ කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා විසින් පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ඊයේ මතුගම ඕවිටිගල ප්‍රදේශෙය්දී පැවැත්වුණි.
සහාය පළ කළ පාක්ෂිකයින්ට ස්තූතිය පළ කිරීමට
මතුගමදී පැවැති ජනහමුවේදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය පර්ලිමේන්තු මන්ත්‍ර සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
“මට හිතාගන්න බෑ දිනවන්නද පරද්දන්නද කළේ කියලා. අපේ රට සිංහල බෞද්ධ රටක්. වෙනත් පරස්පර මත ඉස්මතු වුණා
අපේක්ෂකත්වය වෙනුවෙන් රස්තියාදු වුණා. ප්‍රතිවාදියා සියලුම සංවිධාන හමුවුණා. මම යනවා අපේක්ෂකත්වය ලබාගන්න. මම කිසිම දෙයක් පිටුපස ආපසු යන්නේ නෑ
අපේම අය මඩ ගහලා මඩ පත්තර හදලා. යූ.එන්.පී.අයගේ ලැයිස්තුව තියෙන තැනින් මේක කළේ. මේ විදියට තවත් අවුරුදු 25ක් යන්න පුළුවන්. මට තියෙන්නේ දේශපාලනයෙන් විශ්‍රාම ගන්න“
මේ අතර බණ්ඩාරගම ජනහමුවට එක් වෙමින් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය පර්ලිමේන්තු මන්ත්‍ර සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
“මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වාසනාවන්තයි. කවුරුත් එයාගේ කකුලෙන් ඇද්දේ නෑ. මගේ හැම තැනකින්ම ඇද්දා ප්‍රතිවාදීන් රැසක් එක්ක ජනාධිපතිවරණය ක්‍රියාත්මක කළේ. තවත් අං තට්ටුවක් දෙන්න හදනවා
ඒකට පක්ෂ නායකත්වය අවශ්‍යයි. මට සිරිකොත ඉබ්බො දැම්මොත්. නිකන්ම නිකන් අගමැති අපේක්ෂක වෙනවා. මම අං තට්ටු පලඳින්න ලෑස්ති නෑ“



