පාඨලී පිළිබද නියෝජ්‍ය කතානායකගෙන් පොලිස් කොමිසමට ලිපියක්

Share

පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත පොලීසිය අනුගමනය නොකළ බව පවසමින් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ජාතික පොලිස් කොමිසන් සභාව වෙත ලිපියකින් දන්වා තිබේ.

 

එහි සභාපති කේ.ඩබ්.ඊ. කරල්ලියැද්ද මහතා වෙත යොමු කළ අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ, මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙස ය.

Read more

Local News