තමා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත් කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඔහු එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස තමාට දුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙසයි.
තමාව එලෙස ස්ථාන මාරු කිරීමෙන් තනතුරු පහත දැමීමක් සිදුව ඇති බව ඔහු එමගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, ඒ සඳහා රුපියල් මිලියන 10ක වන්දියක් තමාට ලබා දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා , හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර , ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්යක්ෂවරයා , ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු 17 දෙනෙකු නම් කර තිබේ.



