බැටික්ලෝ කැම්පස් පිළිබඳ වාර්තාවක් අද ජනපතිට සහ කැබිනට් මණ්ඩලයට

Share

බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය රජයට පවරා ගැනීමට අදාළ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ සභවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට අද භාර දීමට නියමිතව තිබේ.

 

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා සඳහන් කළේ අද(23) පස්වරුව වන විට පාර්ලිමේන්තුව හරහා  අදාළ වාර්තාව ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට භාරදීමට බලාපොරොත්තු වන බවයි.

ආංශික අධීක්ෂණ කමිටුව විසින් මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මීට පෙර මෙම වාර්තාව සකස් කර පැවති ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දී තිබුණි.

නමුත් මෙම වාර්තාවේ සඳහන් කර ඇති නියමයන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා කැබිනට් මණ්ඩලයේ අධීක්ෂණය සඳහා යොමු කරන බවයි ආශු මාරසිංහ මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Read more

Local News