ග්‍රාමීය ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය දියුණු කිරිම සඳහා ක්‍රියාත්මක සපිරි ගමක් වැඩසටහන ලබන ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරී වසම් 14,021 ආවාරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එක් වසමකට රුපියල් ලක්ෂ 20 බැගින් වෙන්කර ඇති බව වාර්තා වෙයි.
ග්‍රාමීය ජනතාවගේ රැකියා සහ ජීවනෝපාය අවස්ථා වර්ධනය කිරීම සේම තරුණ තරුණියන් සහ කාන්තාවන් අතර ස්වයං රැකියා උත්පාදනයට සහ ආදායම් මාර්ග වැඩිදියුණු කිරිමට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කෙරෛහි මෙහිදි වැඩි අවධානයක් යොමුකර තිබේ.
සපිරි ගමක් වැඩසටහන යටතේ ව්‍යාපෘති තෝරා ගැනීමේ දී ප්‍රමුඛත්වය ලබාදිය යුතු ක්ෂේත්‍ර නවයක් හඳුනාගෙන ඇති බව මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳන් කළේය.
ග්‍රාමීය ජනතාවගෙන් සැදුම්ලත් ග්‍රාමීය ප්‍රජා කමිටුවක් විසින් මෙම සංවර්ධන ව්‍යාපෘති හඳුනාගත යුතු අතර අදාළ කමිටු පිහිටුවීම දෙසැම්බර් මස 27 වැනි දිනට පෙර සිදුකළ යුතු වෙයි.
දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර අදාළ ව්‍යාපෘති දිස්ත්‍රික් ලේකම්වරයාගේන අනුමැතියට ඉදිරිපත් කල යුතු වන අතර ජනවාරි මස 15 වන දිනට පෙර අදාළ ප්‍රතිපාදන ඉල්ලා සිටිය යුතු බවයි මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ගමට ගෙයක් යන සංකල්පය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නිවාස 14,022ක් ඉදිකිරීමේ වැඩසටහනක් ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය තිරණය කර තිබේ.
සෑම ගමකම ඉතා දිළිදු අසරණම පවුල් වෙනුවෙන් ගමේ සමෘද්ධි නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.



