කොළඹ, කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් අද ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී.පත්මලාල් මහතා සඳහන් කළේ, එම දුම්රිය අද දිනයේ මෙන්ම ලබන සිකුරාදා සහ ඉරිදා යන දිනවල ධාවනය වීමට නියමිත බවයි.
පාසල් නිවාඩු හා එළැඹෙන නත්තල් නිවාඩුව සැළකිල්ලට ගනිමින් මෙම විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.



