මාර්ග සංවර්ධන අධිකාරියට නව සභාපති චමින්ද

Share

මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපති චමින්ද අතලුවගේ මහතා ඊයේ (23) බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ දී වැඩ බාරගනු ලැබුවේය.

 

එම අවස්ථාවේ දී ම අවස්ථාවට මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර, වරාය නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග අමාත්‍ය තුමාගේ සම්බන්ධීකරණ ලේකම් චමින්ද බස්නායක යන මහත්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News