ඇල්ල වැල්ලවාය මාර්ගයේ දහය කණුව දේශයේ දී අද (24) උදෑසන ත්රීරෝද රථයක් පෙරළීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.
අනතුරින් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා මොනරාගල මූලික රෝහලට සහ බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ ඇල්ල කුඹල්වෙල පරහා දේශයේ පදිංචි ඩබ්.එම්.චන්ද්රාකුමාරි නැමති (49) කාන්තාවකි.
වැල්ලවායේ සිට කුඹල්වෙල දක්වා පැමිණෙමින් සිටිය දී ත්රීරෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරළීගොස් පාලමක ගැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඇල්ල පොලිස් රථවාහන අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



