නව පාසල් වාරය ආරම්භ වීමට පෙර පෙළ පොත් බෙදාහැරීමේ කටයුතු අවසන් කරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මේ වන විටත් පෙළපොත් අවශ්‍යතාවයෙන් සියයට 95 කට ආසන්න ප්‍රමාණයක් ලබාදී අවසන් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේය.
ඒ අනුව නව වසරේ පළමු පාසල් වාරයේ ආරම්භක දිනයේදීම සිසුන් සඳහා අවශ්‍ය පෙළපොත් ලබාදීම සිදුකරන ලෙස අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සියළුම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.



