පාඨලිගෙන් සිදුවූ වරද

Share

අධිකරණයට වාර්තාවී ඇති කරුණු අනුව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසා අනතුර සිදුව ඇති බවට කරුණු හෙළි වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

 

අද (24) කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අනතුරක් සිදු කිරීමට අමතරව තවත් බරපතල චෝදනා රැසක් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට එරේහිව තිබේන බවද ඔහු පෙන්වා දෙයි.

එහිදි කරුණු පැහැදිල කරමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුවේ පොලීසියේ සටහන් කර ඇති සාක්ෂි සහ මාර්ග නීති අනුව එම අනතුරේ වැරදිකරු වන්නේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පමනක් බවයි.

Read more

Local News