දේශපාලන පත්වීම් ලැබූ රාජ්‍ය තාන්ත්‍රිකයින් යළි කැඳවයි

Share

දේශපාලන පත්වීම් ලැබ විදේශ සේවයේ තානාපති හා මහ කොමසාරිස් ධුරවල සේවය කළ 15 දෙනෙකු යළි කැඳවූ බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

 

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් කඩිනමින් පත් කරන බවයි.

මේ අතර විශ්‍රාම යාම හේතුවෙන් විදේශ සේවයේ තානාපති තනතුරු දැරූ නිලධාරීන් හත් දෙනෙකු ද යළි දිවයිනට පැමිණෙන බව ඔහු සඳහන් කළේ ය.

එම පිරිස් සඳහා ද කඩිනමින් අනුප්‍රාප්තිකයින් පත් කිරීමට නියමිතයි.

Read more

Local News