නූතනත්වය සමඟින් රටේ සංස්කෘතිය ද රැකගනිමින් රට ඉදිරියට ගෙන යා යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ තාක්ෂණය සමඟ ඉදිරියට යන විට සංස්කෘතිය පසුගාමීත්වයට පත් වන බවත් එනිසා තාක්ෂණය හා නූතනත්වය වැළඳගන්නා අතරතුර සංස්කෘතික අනන්‍යතාවත් රැකගත යුතු බවත්ය.



