කැළයේ දමා ගිය අලුත උපන් බිළිඳිය රෝහලින් පරිවාසයට

Share

තම මව විසින් කැළයේ දමා යාමේන් පසුව පුත්තලම මුලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි බිළිඳියක් අධිකරණ නියෝග මත අද(27) පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියට භාර දිම සිදුකල බව පුත්තලම මුලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසීය.

 

මෙම බිළිඳිය පසුගිය 6 දා ඇගේ මව විසින් ප්‍රසුත කර පැය කිපයක් තුළදී කඩදාසික ඔතා පුත්තලම කුරුණැගල මාර්ගයේ අට්ටවිල්ලුව රක්ෂිතය තුළ වන ලැහැබක දමා ගොස් තිබුණි.

මෙම කුඩා බිළිදෙකු දුටු පුද්ගලයකු වහාම පොලීසියට දැනුම්දීමෙන් පසු පොලිසිය බිළිදිය පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබු බව කියයි.

බිළිදිය පුත්තලම රෝහලේ නොමේරු ඒකකයට එදිනම ඇතුළත් කර තිබු අතර එහිදි රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය බිළිඳිය පිරිසිදු කර ප්‍රථිකාර ලබා දීම ආරම්භ කර තිබුණි.

කෙසේ වෙතත් බිළිදිය පිළිබඳව මාධ්‍ය මගින් දිගින් දිගටම තොරතුරු වාර්ථා කිරීමත් සමඟ මෙම බිළිදිය හදා ගැනීමට රට පුරා දහසකට ආසන්න දරුවන් අහිමි යුවලවල් දැරි ප්‍රයත්නයක් දරා තිබුණි.

කෙසේ වෙතත් පුත්තලම පොලීසිය මේ පිළිබදව පුත්තලම පරිවාස කාර්යාලයට දැනුම් ඇත.

පසුව පරිවාස නිලධාරින් පුත්තලම අධිකරණයට මේ පිළිබඳව දැන්විමේන් පසුව පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාගේ නියෝග මත පරිවාස භාරයට බිළිඳිය ලබා දිමට නියෝග කර තිබේ.

ඒ අනුව අද පුත්තලම ප්‍රධාන පරිවාස නිලධාරි ආර්.එම්.රණතුංග මහතාගේ විසින් පුත්තලම මුලික රෝහලට පැමිණ රෝහල් කාර්ය මණ්ඩලයේ අතින් මීගලෑව අමිල සෙවන රජයේ ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාවට බිළිදිය භාර දීම සිදුවිණි.

Read more

Local News