උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි

Share

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

 

ඊයේ (27) රාත්‍රීයේ විභාග ප්‍රතිඵල නිකුත් කළ  බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

www.doenets.lk  යන වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල ප්‍රතිඵල අද දිනයේ අදාල විදුහල්පතිවරුන් වෙත ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

දිවයිනේ අනෙකුත් සියලු පාසල් සදහා විභාග ප්‍රතිඵල අද දිනයේ තැපැල් මගින් යැවිමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පෞද්ගලික අයදුම්කරුවන් සදහා ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපින වෙත ඉදිරියේදී තැපැල් කිරිමට කටයුතු කරන බව සදහන්.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්  විභාගය සදහා පෙනී සිටි මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ 81,786ක්.

එම අයදුම්කරුවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට සිසුන් එක් ලක්ෂ 81,126 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

පැරණි නිර්දේශය යටතේ මෙවර උසස් පෙළ විභාගයට සිසුන් 94,619 දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් සිසුන් 67,489 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට සුදුසුකම් ලබා තිබේ.

සිසුන් එක් ලක්ෂ 87,167 දෙනෙකු නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිට ඇති අතර ඉන් සිසුන් එක් ලක්ෂ 13,637 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරිමට සුදුසුකම් ලබා ඇති බව සදහන්.

එමෙන්ම ප්‍රතිඵල නැවත සම්ක්ෂණය සදහා ලබන වසරේ ජනවාරි මස 17 වන දිනට ප්‍රථම අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසන්නේය.

Read more

Local News