දුම්රිය ආරක්ෂක සේවයට නව නිලධාරීන් 180ක්

Share

දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, මේ සඳහා ඊයේ දිනයේ පැවැති ලිඛිත විභාගයේ ප්‍රතිඵල අනුව එම නිලධාරීන් බඳවා ගන්නා බවයි.

එම විභාගයට සඳහා පෙනී සිට ඇති අපේක්ෂකයින් ගණන 19,000 කට ආසන්න වේ.

මේ වනවිට දුම්රිය ආරක්ෂක සේවයේ පුරප්පාඩු 253 ක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

Read more

Local News