වත්මන් ආණ්ඩුව පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
පස්සර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මෙසේ පැවසීය.
“විශේෂයෙන්ම රතන හිමියන් සහ වසන්ත සේනානායක මන්ත්‍රීවරයා පසුගිය ජනාධිපතිවරණයේදී සහය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට. ඒ වගේම හිටපු අමාත්‍යවරයෙක් වන වෙල්ගම මහතා ස්වාධීන වීම තුළ. එතුමා විසින් ඉල්ලීමක් කළහොත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ආසනයක් ලබා දෙන්න කියලා. එතුමාගේ ඉල්ලීම අනුව පාර්ලිමේන්තුව තුළ ඒ ස්වාධීන අසුන වෙන් කර ගැනීම සඳහා කථානයකතුමාට හැකියාවක් ලැබෙනවා.
අපි විශ්වාස කරනවා කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ පාලනයට විරුද්ධව මුල සිට කටයුතු කරා. ඒවගේම මේ පාලනය ලබාදිය යුතු නැති බවට සමාජයට පණ්විඩයක් ලබා දුන්නා.
වෙල්ගම මන්ත්‍රීවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය කියපු දේවල් සත්‍ය වෙමින් පවතිනවා. අපි ඒ සියලු දෙනා එකතුවෙලා. නැවත යහපත් සමාජයක් හා යහපත් දේශපාලන ඇතිකරනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතා කියපු රට ඵලදායි යෝජනා ක්‍රම සහ මැතිවරණ පොරොන්දු සියල්ල මේ රටේ ජනතාවට ලබාදීම සඳහා විපක්ෂය ලෙස අපි අතක් නෙමෙයි අත්දෙකම උස්සලා සහයෝගය ලබා දෙනවා.“



