අල්ලසට හා දුෂණයට අදාළ නීති පද්ධතිය සංශෝධනය කරමින් සකස් කළ නව සංගෘහිත නීතිය, කෙටුම්පත් කිරිමේ කටයුතු මේ වන විට අවසන් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නිතිඥ සරත් ජයමාන්න මහතා මේ බව පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා සඳහන් කළේ නව සංගෘහිත නීති කෙටුම්පතට අනුව අල්ලස් නීතිය, අල්ලස් කොමිෂන් සභා නීතිය සහ වත්කම් බැරකම් නීතිය එක් නීතියක් ලෙස සංශෝධනය වන බවයි.



