මෙවර උත්සව සමයේදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයින් 1,714 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පැවසුවේ පසුගිය 09වනදා සිට ඊයේ (29) දිනය දක්වා සිදුකළ වැටලීම්වලදී මෙම නඩු පැවරීම් සිදුකර ඇති බවයි.
එම වැටලීම්වලදී අලෙවිය සඳහා සුදානම් කර තිබු පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික්ටොන් 20ක තොගයක් විනාශ කිරීමට ද කටයුතු කර තිබේ.
මීට අමතරව ආහාර වර්ණක යෙදු පරිප්පු මෙට්‍රික්ටොන් 02ක් අලෙවිය සඳහා සූදානම් කර තිබු මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේය.



