රට බෙදීම සඳහා කුමන හෝ දේශපාලනඥයෙකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධීකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.
උන්වහන්සේ මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ අපේ රට ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වා ගෙන යෑමට ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති බවයි.
එහිදී විශේෂයෙන් ජාතික ගීතය පිළිබඳ ඇතිව තිබෙන කතිකාවත පිළිබඳ අදහස් දැක්වු උන්වහන්සේ ඉන්දියාවේ ඇතැම් බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම් විසින් යම් යම් බලපෑම් එයට සිදු කරමින් බවත් කියා සිටියේය.
ජාතික ගීතයක් යනු රටේ සියලු ජනවර්ග හා ආගමික කොටස් ඒකාබද්ධතාවයකින් එකතු කරනු ලබන එක් අංශයක් බවත් උන්වහන්සේ පැවසීය.
නමුත් භාෂාමය වෙනස්කම් සහිතව වෙනම ගායනා කිරීමෙන් ජාතිකත්වය තුළ ජාතීන් අතර බෙදීමක් ඇති කිරීමට හේතුවන බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මෙය හිතාමතා ජනවාර්ගික වශයෙන් රට දෙකඩ කිරීමට දරන ප්‍රයන්තයක් බවත් එය හෙළා දැකිය යුතු බවත් පැවසු උන්වහන්සේ විශේෂයෙන් දේශපාලනඥයින් බෙදුම්වාදයට යම් ක්‍රියාදාමයක් සිදු කරන්නේ නම් එය නීතියෙන් දඩුවම් කළ යුතු වරදක් බවත් පැවසීය.



