අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබාඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නාදුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර දේව මෙහෙයක් පැවැත්වෙන අතරතුරදී වෙඩි තැබීම සිදුව තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.




