2020 වර්ෂයේ පළමු පාසල්වාරය හෙට(02) ආරම්භ වීමට නියමිතයි.
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයිමෟ කටයුතු නගර 56 ක පිහිටි පාසල් 84ක ස්ථාපිත කරනු ලබන ඇඟයීම් මධ්‍යස්ථාන 110 ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිතයි.
පාසල් 47 ක් එළඹෙන ජනවාරි මස 6 වන දින ආරම්භ කිරීමට නියමිත අතර එම පාසල් දින දෙකක් වසා තැබීමට සිදුවන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අනෙක් පාසල් 37 හෙට දිනයේ නියමිත පරිදි ආරම්භ වෙනු ඇත.



