එජාපය පුළුල් සන්ධානයකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට

Share

පුළුල් සන්ධානයක් තුළින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

මීගමුව  ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රේමදාස මහතා කියා සිටියේ මීළඟ අභියෝගය වන්නේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම බවයි.

එය එතරම් ලේසි කටයුත්තක් නොවුණත් පසුබෑම තුළින් පාඩම් ඉගෙන ගෙන අඩුපාඩු හදා ගෙන ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

තම අරමුණ වන්නේ ජනාධිපතිවරණයට වඩා ශක්තිමත්ව හා කාර්යශූරව මහ මැතිවරණය සිදු කිරීම බවත් පැවසු ඒ මහතා ජනාධිපතිවරණය සඳහා රැස්වීම් 154 ක් පැවැත්වුයේ නම් මෙවර එය දෙගුණ තෙගුණ කිරීමට සුදානම් බවත් ඒ මහතා කියා සිටියේය.

වැඩි වැඩියෙන් රට වටේ ගොස් සියලූම මන්ත්‍රී ආසන ජයග්‍රහණය කිරීම උදෙසා උපරිම කැපකිරීමක් කිරීමට සැදී පැහැදී සිටින බවද ප්‍රේමදාස මහතා පැවසීය.

පසුබෑමකින් පසුව නව දිරියකින් ජයග්‍රාහී ගමනක් යා යුතු බවත් ඒ සඳහා සියලු දෙනා එක්ව පුළුල් සංවිධානයක් ගොඩනඟා ගන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News