කොළඹ සහ මහනුවර ප්‍රදේශවල වායු දූෂණය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි.
එම සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ සිට මෙම තත්ත්වය නිරීක්ෂණය වන බවයි.
නව වසර උදාවත් සමඟ පැවැත්වූ ගිණිකෙළි සංදර්ශන ද කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාමට හේතු වී ඇති බව සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.



