මෙවර නව වසර උදාවත් සමඟ වාර්තා වූ අනතුරුවල අඩු වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා පැවසුවේ ඊයේ(01) රාත්‍රී 08.00 සිට ගතවු පැය 12 ක කාලය තුළ විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 636 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවයි.
එම සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව අඩු වීමක් බවද වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා පැවසුවේය.



