රාජ්‍ය සේවය මහජනතාවට බරක් නොවිය යුතුයි

Share

“රට හදන සෞභාග්යීයේ දැක්ම” පෙරදැරි කරගත් කාර්යක්ෂම සහ සඵලදායී රාජ්යි සේවයකට සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව අවංකව කැපවිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි.

 

රට හදන වැඩපිළිවෙළේ දී  රාජ්‍ය  සේවය කෙරෙහි ජනාධිපතිවරයා දැඩි විශ්වාසයක් තබා ඇතැයි ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම් පීගබීග ජයසුන්දර මහතා ජාතික ධජය එසවීමෙන් පසු ජාතික ගීය ගායනා කිරීමෙන් ආරම්භ වූ උත්සවයේ දී යුද්ධයේ දී දිවි පිදු රණවිරුවන් සිහි කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වනු ලැබීය.

කාර්යක්ෂම සහ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් බිහිකිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛ අභිලාෂය බව පැවසු ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයන් ලබන වැටුපට එහා ගිය සේවාවක් රට වෙනුවෙන් ඔවුන් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද කියා සිටියේය.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම වන්නේ රාජ්‍ය සේවය මහජනතාවට බරක් නොවිය යුතුය යන්නයි“ යනුවෙන් ද ඒ මහතා මෙහිදී පැවසීය.

ඉකුත් වකවානුව තුළ රාජ්‍ය සේවා ප්‍රතිඥාව චාරිත්‍රකයකට පමණක් සීමා විම තුළ ජනතාව අගය නොකරන තැනකට රාජ්‍ය සේවාව පත් කළ බවත් පැවසු ඒ මහතා, රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව අතර පවතින වෛරය අවසන් වන අන්දමින් සියලු රාජ්‍ය සේවකයන් සිය වගකීම් ඉටුකිරීමේ වැදගත්කම ද ලේකම්වරයා පැහැදිලි කළේය.

රාජ්‍ය සේවය සඳහා අතිවිශාල මුදලක් වැය කෙරෙන බවත් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය‍ රාජ්‍ය සේවය කිසිවිටෙකත් බරක් ලෙස නොසලකන බවත් ජනපතිවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ ඉන් ලැබෙන ප්‍රතිඵලය සහ මහජන යහපත ඉහළ නැංවීම බවත් ලේකම්වරයා පැවසීය.

ජනතා කේන්ද්‍රීය රටක් ගොඩනැඟීමට සමානාත්මතාවක් ඇති ප්‍රජාතාන්ත්‍රික ආයතන ක්‍රමයක් බිහිකිරීමට රාජ්‍ය සේවය කඩිනමින් ප්‍රවේශ වීමේ අවශ්‍යතාව ලේකම්වරයා පැහැදිලි කළේය.

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ඇතුළු කාර්ය මණ්ඩලය මීට එක්ව සිටියහ.

Read more

Local News