ඉන්දීය යුද හමුදාපතිවරයා, එරට හමුදා මාණ්ඩලික ප්‍රධානියා බවට පත්වෙයි

Share

ඉන්දීය යුද හමුදාපතිවරයා, එරට හමුදා මාණ්ඩලික ප්‍රධානියා බවට තෝරාපත් කරගැනීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

 

යුද, නාවික හා ගුවන් හමුදාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගැනීමට මෙම පියවර ගත් බව, මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් රජය  පවසයි.

ඉන්දීය යුද හමුදාපති බිපින් රාවත් එරට නව හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙසින් පත්කර තිබේ.

නවදිල්ලි නුවර පැවැති උත්සවයකදී සිය හමුදාපති ධුරයට සමුදුන් ඔහු, හිටපු මාණ්ඩලික ප්‍රධානී මනෝජ් මුකුන්ද නරාවනේ අතින් සිය නව පත්වීම ලබාගත්තේය.

බිපින් රාවත්, ඉන්දීයාවේ 28වැනි හමුදා මාණ්ඩලික ප්‍රධානියායි.

ඔහු නුදුරේදීම එම තනතුරට පත්කරන බවට පසුගිය අගෝස්තු මස 15වැනිදා පැවැති ඉන්දීය නිදහස් දින උත්සවයේදී අගමැති නරේන්ද්‍ර මෝදි නිවේදනය කළේය.

ඉන්දීය හමුදාව යුද, ගුවන් හා නාවික ලෙසින් අංශ දෙකකට බෙදී පවතියි.

ඒ ඒ හමුදාවන් අතර නිසි සම්බන්ධීකරණයක් පවත්වාගැනීම සදහා මෙම පියවර ගත් බව ඉන්දීය වාර්තා පවසයි.

රාවත්, ජනවාරි මාසයේ පටන් සමස්ත හමුදාවේ සියලු  ප්‍රධානී තින්දු ගැනීමේදී මැදිහත්ව කටයුතු කරනු ඇති.

Read more

Local News