පොහොට්ටුවේ සහ එජාපයේ මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වෙයි

Share

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද(02) පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබේ.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභා නායකවරයා තෝරා ගැනිමට ද නියමිතව තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත් වෙන බවයි.

රජයේ වැඩපිළිවෙල හා හෙට(03) දිනයේ ආම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය හා ඉදිරියට පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ද අද පස්රුවේ පැවැත්විමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම රැස්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර 08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය හෙට පෙරවරු 10.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් සම්මාන වෙඩි මුර 21ක් සමඟ උත්තමාචාර පිරිනැමීම සිදු කිරිමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මංගල රැස්විමේ මුලසුන ගැනිමට නියමිත අතර නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහිදී එතුමා විසින් ඉදිරිපත් කරනු ඇති.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබෙන අතර පස්වරු 01.00ට පාර්ලිමේන්තුව යළි රැස්විමට නියමිතයි.

Read more

Local News