08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය හෙට පෙරවරු 10.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් සම්මාන වෙඩි මුර 21ක් සමඟ උත්තමාචාර පිරිනැමීම සිදු කිරිමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මංගල රැස්විමේ මුලසුන ගැනිමට නියමිත අතර නව ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය එහිදී එතුමා විසින් ඉදිරිපත් කරනු ඇති.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබෙන අතර පස්වරු 01.00ට පාර්ලිමේන්තුව යලි රැස්විමට නියමිතයි.



