ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන පැහැදිලි විමර්ශනයක් කරන්නේ නෑ

Share

වර්තමාන ආණ්ඩුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් පැහැදිලි විමර්ශනයක් සිදු නොකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු  මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

 

මිගමුව  ප්‍රදේශයේ  පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වත්මන් ආණ්ඩුව ජනමතය වෙනස් කිරීමට උත්සහ ගනිමින් සිටින බවයි.

බදු මුදල් අඩු කර නමුත් බී ලූණූ කිලෝවක් රුපියල් 750-800 ක් වැනි මිලක් වී ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා, හාල් මිලද අද වැඩි වී ඇතැයි පැවසීය.

මොවුන් ආණ්ඩු බලය ලබා ගත්ත ද ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් දියත් කර නැතැයි ද ජයවර්ධන මහතා කියා සිටියේය.

ජාතික ආරක්ෂාව උදෙසා පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පරීක්ෂණ පවත්වන බව මොවුන් පැවසු බවත් කියා සිටි මන්ත්‍රීවරයා, වත්මන් කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපතිවරයා විසින් බවත් පැවසීය.

ඒ තුළින් අද පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවත් පැවසු කාවින්ද ජයවර්ධන මහතා, පොලීසියේ නිලධාරීන් ගෙනැවිත් ඔවුන්ගේ ප්‍රකාශයන් මතම එම පරීක්ෂණ සිදු කරන බවත් කියා සිටියේය.

නමුත් ප්‍රහාරයට සම්බන්ධ අය කවුරුන්ද හා මෙය සැලසුම් කළේ කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුවන ආකාරයක් දක්නට නොලැබෙන බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News