ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය නිලධාරිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය පිළිබඳව ස්විට්සර්ලන්තයේ ප්‍රසාදය හිමිව ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ දෙරට අතර පවතින ද්විපාර්ශික සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණර්ධන මහතා මෙම අදහස් පල කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, දින තුනකට පෙර ස්විස් විශේෂිත නියෝජිතයා හා තානාපති කාර්යාලය මඟින් නිකුත් කරනු ලැබු නිවේදනයෙන් ඉතා පැහැදිලි ලෙස ශ්‍රී ලංකා රජය මෙතෙක් අනුගමනය කරන ලද පිළිවෙතෙහි සාධාරණත්වය පැහැදිලි වෙන බවයි.
මේ රටේ නීතිය අනුව කටයුතු කිරීමට ගත් පියවර පිළිබඳ තම විරෝධයක් නොමැති බව ශ්‍රී ලංකා ස්විස්ටර්ලන්ත ද්විපාර්ශික මිත්‍රත්වය හා සහයෝගීතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බවත් එහි දැක්වු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
මුලික වශයෙන් එම සිදුවීම තුළින් රටට අහිතකර දෙයක් පෙන්වීමට ගත් උත්සහයක් බවත් පැවසු අමාත්‍යවරයා, ඒ අය බොහෝ විට මින් ඉදිරියට රට ගැන සිතිය යුතු බවත් පැවසීය.
ස්විස්ටර්ලන්තලය රජය ගැන තබා ඇති විශ්වාසය තහවුරු කර එම නිවේදනය නිකුත් කර ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.



