මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එහිදී මෙම වර්ෂයේ පැවැත්වීමට නියමිත මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි.
එහිදී පාර්ලිමේන්තු මහ මැතිවරණය පිළිබඳව ද සාකච්ඡාවට ගැනෙණු ඇති.
ඊට අමතරව මේ වසරේ මැතිවරණ කටයුතු පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ අනෙකුත් සමාජිකයින් සහභාගිවීමට නියමිත බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.



