පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්

Share

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ.

 

ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසිනි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඔහු ඊයේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළ බවයි.

පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මීට පෙර පොලිස් නීති කොට්ඨාසයේ රාජකාරී කළ නිලධාරියෙකි.

Read more

Local News