වීරවැව, දිවුල්ගස්වැව පදිංචි පුද්ගලයෙකු වන අලි පහරදීමකින් මිය ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ සාලියවැව පොලිස් වසමේ වීරවැව, දිවුල්ගස්වැව පදිංචිව සිටි රංවල ආරච්චිගේ අනුර නිශ්ශංක නැමැති වයස අවුරුදු 38ක් වු අයෙකි.
ඊයේ (01) අළුයම ඔහු තම වගා කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති අතර ආපසු නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බලන විට වන අලියෙකු පහර දී බරපතළ තුවාල සහිතව සිටියදී හමුවී ඇත.
පසුව අදාළ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.



