රට ගෝත්‍රිකවාදයට තල්ලු කිරිමත් ගැන විජිත කියයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් සිදුවන්නේ රට ගෝත්‍රවාදය දෙසට තල්ලු කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 

අද පෙරවරුවේ පැලවත්ත, බත්තරමුල්ල පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

විජයදාස රජපක්ෂ මහතා ප්‍රකාශ කරන ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වී ඇත්තේ විවිධ මතවාදයන් දරණ හා විවිධ ජාතිකත්වයන් නියෝජනය කරන දේශපාලන බලවේගවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබු සීමාවන් වෙනස් කිරීම බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News