රාජ්‍ය ආයතන 200 කට පමණ සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමු කර තිබේ.
ඒ, රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා සුදුසකම් සහිත පුද්ගලයින් පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ සය පුද්ගල කමිටුව විසිනි.
එහි සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ, නිලධාරීන් පත් කිරීම සඳහා සමස්ත ආයතන 300 කට ආසන්න ප්‍රමාණයක් පවතින බවයි.
ඒ අතරින් ආයතන 50 ක් පමණ ඒකාබද්ධ කිරීමට කමිටුව තීරණය කර ඇතැයි ඔහු පැවසීය.
රාජ්‍ය ආයතන සඳහා සුදුස්සන්ගේ නම් ඇතුළත් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ සභාපති ධුරය දරන්නේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතායි.
සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් වේ.



